අයිස් මත්ද්‍රව්‍ය බෙදූ මෝදර අසිතගේ ගෝලයෙක් මාට්ටු

Report

පානදුර සහ මොරටුව ප්‍රදේශවල ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ මෝදර ප්‍රදේශයේ තරුණ යුවළක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11) සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,651,901ක් (ග්‍රෑම් 1,651කට අධික) සහ ජාවාරම සඳහා යොදාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

බෙංගාල බොක්කේ හදිසි කැළඹීමක්! හෙට සිට මි.මී. 150 පනින අතිශය තද වැසි - ප්‍රදේශ රැසකට රතු එළියක්

බෙංගාල බොක්කේ හදිසි කැළඹීමක්! හෙට සිට මි.මී. 150 පනින අතිශය තද වැසි - ප්‍රදේශ රැසකට රතු එළියක්

විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "මෝදර අසිත" නැමැත්තාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වී ඇති මෙම යුවළ, පොලිස් පරීක්ෂණ මඟහැරීම සඳහා සිය දෙහැවිරිදි දියණියට අසනීප වී රෝහලට රැගෙන යන බව පවසමින් රහසිගතව මෙම ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සෞදියේ යුද උණුසුම නිසා ශ්‍රීලන්කන් වෙතින් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් සියල්ල 18 වැනි දින තෙක් අත්හිටුවයි

සෞදියේ යුද උණුසුම නිසා ශ්‍රීලන්කන් වෙතින් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් සියල්ල 18 වැනි දින තෙක් අත්හිටුවයි

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරකට අනුව, අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි බුද්ධි නිලධාරීන් යොදවා කළ ආවේක්ෂණයකින් පසුව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් 25 හැවිරිදි "මෝදර චිකෝ" නැමැත්තා සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා එගොඩඋයන පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, රැඳවුම් නියෝග මත පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.