බන්ධනාගාරගත වන පූජ්‍ය පක්ෂයේ ඇඳුම ගැන රට පුරා දැඩි කතාබහක් - විපක්ෂ නායකවරයාගෙන් කථානායකට හදිසි ඉල්ලීමක්

Report

දඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරය තුළදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළඳිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කඩිනමින් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අදාළ කාරක සභාවේ සභාපතිවරයා වෙත කථානායකවරයා මාර්ගයෙන් ලිපියක් යොමු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.

අදාළ නිත්‍ය නියෝගය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත්, එම නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහාත් අදාළ සියලු පාර්ශ්වයන් කාරක සභාව හමුවට කැඳවන ලෙස ද එම ලිපිය මඟින් ඉල්ලා තිබේ.

ජාතික වැදගත්කමකින් යුත් මෙවැනි කරුණකදී ව්‍යවස්ථාදායකයේ සක්‍රීය දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත

එම ලිපිය පහතින්

අද ඩොලරයේ අගය වෙනස් වුණාද? ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අගය වෙනස් වුණාද? ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ මිල ගණන් මෙන්න

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

GalleryGallery