හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු අමාත්‍ය සහ හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබේ.
සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (12) කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.