සෞදියේ යුද උණුසුම නිසා ශ්‍රීලන්කන් වෙතින් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් සියල්ල 18 වැනි දින තෙක් අත්හිටුවයි

Report

කටුනායක සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්‍රියාත්මක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් එළඹෙන 18 වැනි දින තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෞදි අරාබිය ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේම අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

අද මේ ගුවන් ගමන් අවලංගුයි - හෙට දිනය ගැනත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

අද මේ ගුවන් ගමන් අවලංගුයි - හෙට දිනය ගැනත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

මෙම තීරණය නිසා ගුවන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය කණගාටුව පළ කර ඇති අතර ගුවන් ගමන් සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාව තුළ සිට 1979 හෝ ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව දන්වයි.

එමෙන්ම ගුවන් සේවය දැනුම් දෙන්නේ WhatsApp කෙටි පණිවිඩ සඳහා +94 74 444 1979 අංකය හෝ www.srilankan.com වෙබ් අඩවිය භාවිත කළ හැකි බවයි.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ

මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්