''හොරෙන් කුණු දාන්න ගිය පුද්ගලයාට එකවරම ඉහළින් ආ හඩකින් අනතුරු ඇඟවීමක්'' - නොයිඩාවේ CCTV කැමරාවේ හැමදේම හසුවු අපූරු සිදුවීම [VIDEO]
රාත්‍රී කාලයේ මාර්ගය අසල කසළ දමා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්‍රසිද්ධ නිවේදන පද්ධතියක් මගින් දැනුවත් කර එම කසළ නැවත රැගෙන යාමට සැලැස්වූ සිදුවීමක් ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩා ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මෙම සිදුවීම ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 10.05ට පමණ සෙක්ටර් බීටා 1 ප්‍රදේශයේදී සිදුව ඇති බව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සුබසාධක සංගමය සඳහන් කර ඇත.
දරුවෙකු ද වඩාගෙන පැමිණි පුද්ගලයෙකු නේවාසික ප්‍රදේශයක තාප්පයක් අසලට කසළ දමා යාමට උත්සාහ කරන ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී තිබේ.
කසළ දමන අතරතුර ඉහළින් ඇසුණු අනතුරු ඇඟවීම
එම පුද්ගලයාගේ ක්‍රියාව ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයෙකුගේ අවධානයට ලක්වීමත් සමඟ ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිවේදන පද්ධතිය භාවිත කරමින් ඔහුට කසළ නැවත රැගෙන යන ලෙස දැනුම් දී තිබේ.
එම හඬ ඇසීමෙන් පුදුමයට පත් වූ පුද්ගලයා, හඬ පැමිණෙන්නේ කොතැනින්දැයි සොයමින් අවට බලන ආකාරය දර්ශනවල දැකගත හැකිය.
නැවතත් නිවේදනයක් නිකුත් කරමින්, කසළ ඉවත් නොකළහොත් පසුදා උදෑසන දඩයකට යටත් වීමට සිදුවන බවට ඔහුට අනතුරු අඟවා තිබේ. ඒ අනුව, එම පුද්ගලයා කසළ නැවත රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඔහු එම කසළ නිවසට රැගෙන ගියේද නැතහොත් නියමිත කසළ එකතු කරන ස්ථානයකට බැහැර කළේද යන්න පැහැදිලි වී නොමැත.
සමාජ මාධ්‍යවලත් අවධානය
මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
එවැනි ක්‍රියාමාර්ග පූනේ වැනි නගරවලට ද අවශ්‍ය බව එක් පරිශීලකයෙකු සඳහන් කර තිබූ අතර, තවත් අයෙකු මෙම ක්‍රියාව අගය කර තිබේ. කසළ බඳුන් සොරකම් කරන ස්ථානවලද මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවට තවත් පරිශීලකයෙකු අදහස් දක්වා ඇත.
පොදු ස්ථානවලට කසළ බැහැර කිරීම වැළැක්වීම සඳහා CCTV කැමරා සහ ප්‍රසිද්ධ නිවේදන පද්ධති භාවිත කිරීම පිළිබඳව මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍යවල අවධානය යොමුව තිබේ.
නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයෙන් හදිසි ගංවතුර අන්තරායක් - එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි රතු එළියක්
Greater Noida: बीटा-1 में सड़क पर कूड़ा फेंकते ही कैमरे में कैद हुआ शख्स। माइक पर अनाउंसमेंट हुआ, "भाई, कूड़ा क्यों फेंका? उठाओ भाई!" 😅 अनाउंसमेंट सुनकर शख्स भौचक्का रह गया और इधर-उधर देखने लगा। आखिरकार फेंका हुआ कूड़ा उठाया। अब घर ले गया या सही जगह फेंका, ये पता नहीं! 😂👏 https://t.co/9CiX1DdLG1
— Greater Noida West (@GreaterNoidaW) October 10, 2026