ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කර තිබෙනවා.
මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් බවයි සඳහන්.
මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ද මෙහි ඇතුළත් වනවා. මූලික වශයෙන් මෙම වාර්තාව මගින් 2026 ජූනි මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කර ඇත.
මෙම ප්‍රකාශනයේ විද්‍යුත් පිටපතක් මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකියි.
(https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/ආර්ථික-සහ-මූල්‍ය-වාර්තා/මූල්‍ය-පද්ධති-ස්ථායීතා-විවරණය)