අද සිට ක්‍රියාත්මක වන නවතම සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාව මෙන්න

covid19 infections guild lines PCR antigen
By Sewvandhi Sep 09, 2021 03:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආසාදිතව නිවෙස්ගතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන පුද්ගලයින් දින 10 කින් පසු මුදාහැරිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වනවා.

ආසාදිතයෙකු බවට PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණක් මගින් හඳුනාගත් දිනයේ සිට එම දින 10 ගණනය වනු ඇති. සුළු රෝග ලක්ෂණවලින් මිදී ඇත්තම් හෝ පැය 48 ක කාලයක් උණ නොපවතින්නේ නම් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මර්ගෝපදේශවල දක්වා තිබෙනවා.

කෙසේවෙතත් ඉහත කාණ්ඩවලට අයත් නොවන අයෙකු ආසාදිතයෙකු බව හඳුනාගත් දිනයේ සිට දින 14 ක් නිවාසගතව හුදකලාව සිටිය යුතු වනවා. ඔවුන්ට ද පැය 48 ක කාලයක් උණ නොපවතින්නේ නම් හෝ සුළු රෝග ලක්ෂණවලින් මිදී ඇත්නම් පිටවීම සඳහා ඇන්ටිජන් හෝ PCR පරීක්ණයක් අවශ්‍ය නොවන බව නිර්දේශ කර තිබෙනවා.

සම්පුර්ණයෙන් එන්නත්කරණ කළ පසු සමීප ආශ්‍රිතයෙකු වන රෝහල් කර්ය මණ්ඩල හෝ රෝගීන් කළමනාකරණයේ යෙදී සිටින්නෙකු අඛණ්ඩව සේවයේ නිරත විය යුතු අතර ආශ්‍රීතයෙකු වී දින 03 කට 07 කට හා 10 කට පසු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරගත යුතු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තදින් අනුගමනය කළ යුතු වනවා.

සම්පුර්ණයෙන් එන්නත්කරණය ලද සමීප ආශ්‍රිතයෙකු බවට පත් වූ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නෙකු නිවෙස් නිරෝධායනයෙන් දින 10 කට පසු ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණය නෙගටිව් නම් එම පුද්ගලයාට ද සේවයට වාර්තා කළ හැකි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

ඉහත ඛාණ්ඩලට අයත් නොවන පුද්ගයින් දින 21 කට පසු නිරෝධානයෙන් මුදා හැරිය හැකියි බවත් ඊට යළි කිසිදු කොවිඩ් පරීක්ෂණයක් අවශ්‍ය නොමැති බවත් නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now