6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට

Report

ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමකින් පසුවන බව රජය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

එම සාකච්ඡාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් පිරිසක් සහභාගි වූහ.

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඒවා අධීක්ෂණය කිරීම සඳහා කමිටු පහක් පත් කර ඇත. එම කමිටුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් ද ස්ථාපිත කර තිබේ.

2026 වසරේ පළමු ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු සඳහන් කළහ.

විද්වත් කමිටුවේ නිර්දේශ අනුව 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල සංශෝධනය කර මුද්‍රණය කිරීමේ කටයුතු ද අවසන් අදියරේ පවතී. පළමු වාරයට අදාළ සියලු මොඩියුල මේ වන විට මුද්‍රණය කර අවසන් කර ඇති අතර, ඒවා දෙවන වාරයේ මොඩියුල සමඟ එකවර පාසල් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

අනුරාධපුරයට එන සැදැහැවතුන්ට තොරතුරු ගන්න App එකක්

අනුරාධපුරයට එන සැදැහැවතුන්ට තොරතුරු ගන්න App එකක්

මෙම මොඩියුල සංවර්ධනය කිරීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඒ සඳහා අඛණ්ඩ දායකත්වය ලබාදෙයි.

මේ අතර, දිවයිනේ ද්විතීයික පාසල් 6,500කට අවශ්‍ය උපකරණ මේ වන විට ලබාදී අවසන් කර ඇති බවත්, තවදුරටත් සංවර්ධනය කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඒවායේ සංවර්ධන කටයුතු ද ක්‍රියාත්මක වන බවත් රජය සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලු ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේදී ජනාධිපති කාර්යාලය ලබාදෙන මඟපෙන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ඇගයීමට ලක් වූ අතර, මෙම වැඩසටහනේ ඉදිරි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාස තුනකින් යළි රැස්වීමට ද එකඟතාව පළ විය.

අද දවසේ වැඩිම සල්ලි වාසනාව තියෙන්නේ කාටද? මෙන්න සම්පූර්ණ ලග්න පලාපල විස්තරය

අද දවසේ වැඩිම සල්ලි වාසනාව තියෙන්නේ කාටද? මෙන්න සම්පූර්ණ ලග්න පලාපල විස්තරය