පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

Report

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,412ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, අද සහ හෙට පැවැත්වෙන දන්සල් සෞඛ්‍ය ආරක්ෂිතදැයි පරීක්ෂා කිරීමට නියමිත බවයි. පොසොන් කලාප ආශ්‍රිත වෙළෙඳසැල් සහ තාවකාලික වෙළෙඳසැල් ද පොසොන් සතිය පුරා සෞඛ්‍ය පරීක්ෂාවට ලක් කෙරෙන බව ද ඔහු පැවසීය.

දන්සල්වල ආහාර සහ පාන ලබාදීමේදී ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

අනුරාධපුරයට එන සැදැහැවතුන්ට තොරතුරු ගන්න App එකක්

අනුරාධපුරයට එන සැදැහැවතුන්ට තොරතුරු ගන්න App එකක්

විශේෂයෙන් උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් බෑග් තුළ ගබඩා කිරීම සෞඛ්‍යයට අවදානම් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ද සංවිධායකයින්ට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර, දිවයින තුළ මේ වන විට පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් දන්සල් අවට පිරිසිදුකම පවත්වා ගැනීමේ වැදගත්කම ද සංගමය අවධාරණය කළේය.

විශේෂයෙන් පාන වර්ග ලබාදීමේදී භාවිත කරන ප්ලාස්ටික් කෝප්ප සහ අනෙකුත් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් මදුරු බෝවීමට හේතු විය හැකි බැවින්, එම අපද්‍රව්‍ය නිසි පරිදි එකතු කර බැහැර කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. 

අද දවසේ වැඩිම සල්ලි වාසනාව තියෙන්නේ කාටද? මෙන්න සම්පූර්ණ ලග්න පලාපල විස්තරය

අද දවසේ වැඩිම සල්ලි වාසනාව තියෙන්නේ කාටද? මෙන්න සම්පූර්ණ ලග්න පලාපල විස්තරය

“මෙම වසර තුළ නැවත ඩකා නුවරට යනවා” - බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනා

“මෙම වසර තුළ නැවත ඩකා නුවරට යනවා” - බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනා