අධ්‍යපනය නවමු මගට යොමු කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව පිහිටුවීමේ වාර්තාවට අනුමැතිය

Report

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා සකස් කළ අවසන් වාර්තාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අදාළ අමාත්‍යාංශීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇත. අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාවේ සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අදාළ අවසන් වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

දිවයිනේ සියලුම ගුරුවරුන්ට ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක් - ජූලි 30 වනදා දක්වා වලංගුයි අයදුම් කිරීමේ වෙනසක්

දිවයිනේ සියලුම ගුරුවරුන්ට ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක් - ජූලි 30 වනදා දක්වා වලංගුයි අයදුම් කිරීමේ වෙනසක්

අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුවක් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව සකස් කළ නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.

වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කාරක සභා සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාද සලකා බැලීමෙන් අනතුරුව එය ඒකමතිකව අනුමත කර තිබේ. මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

[NMNS9RK]