දිවයිනේ සියලුම ගුරුවරුන්ට ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක් - ජූලි 30 වනදා දක්වා වලංගුයි අයදුම් කිරීමේ වෙනසක්

Report

2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව, සුදුසුකම්ලත් ජාතික පාසල් ගුරුවරුන්ට ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා වූ කාලය තුළ මෙම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

මාර්ගගතව අයදුම්පත් යොමු කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දීමට පියවර ගත යුතුය.

ගුරුවරුන් විසින් පෞද්ගලිකව රැගෙන එනු ලබන හෝ තැපැල් මාර්ගයෙන් අමාත්‍යාංශය වෙත සෘජුව යොමු කරනු ලබන කිසිදු අයදුම්පතක් භාර නොගන්නා බවත්, සියලුම අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් අනුමත වී ලැබිය යුතු බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට