අධිවේගයේ ධාවනය වන සියලුම බස් රථ සඳහා අලුත් ක්‍රමවේදයක් [PHOTOS]

Report

බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද දින (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

එහිදී බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබේ දැයි සෙවීමට සෞඛ්‍ය පරීක්ෂණයක්ද සිදු කෙරෙුණු අතර එය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් සිදු විය.

එබැවින් අද දිනයේදී මාකුඹුර - මාතර, මාකුඹුර - ගාල්ල, මාකුඹුර - බදුල්ල, කොළඹ - අම්පාර යන අධිවේගී බස් රථ වෙනුවෙන් බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ සේවාව හඳුන්වා දෙනු ලැබුවා.

එම අවස්ථාවට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් බොරැල්ල - කඩවත, දක්වා මෙන්ම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල - බණ්ඩාරවෙල, දඹුල්ල - මහියංගනය, මොනරාගල - බිබිල සහ මොනරාගල - වැල්ලවාය අතර ධාවනය වන බස් රථ සඳහා බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව‍යි.

අද ඉඳන් බස්වල යන අයට සුබ ආරංචියක් - මේ කරදරේ ඉවරයි

අද ඉඳන් බස්වල යන අයට සුබ ආරංචියක් - මේ කරදරේ ඉවරයි

ඊට අමතරව හෙට (25) දිනයේදී කොළඹ - වව්නියාව, කඩවත මහරගම, මාකුඹුර - තංගල්ල සහ මාකුඹුර - අඟුණුකොලපැලැස්ස දක්වා ධාවනය වන බස් රථ සඳහා මෙම ක්‍රියාලිය ආරම්භ කිරීමට නියමිතයි.

අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාණ්ඩර් ගාමිණී ජාසිංහ මහතා කියා සිටියේ මෙම ක්‍රියාවලිය ලබන දෙසැම්බර් මාසය වන විටදී බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම අධිවේගී බස් රථ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව‍යි.

එමෙන්ම දෙසැම්බර් මාසය තුළදී එම ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් අනතුරුව ලබන 2026 වසර අවසන් වන විට බස්නාහිර පළාතේ සියලුම බස් රථ වෙනුවෙන් බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එහිදී සභාපතිවරයා පැවසුවා.

ඉදිරි පැය 24 මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට අවදානම් - විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට අවදානම් - විශේෂ නිවේදනයක්

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

"අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඉතිරි දින කිහිපයේ සහ දෙසැම්බර් මාසය තුළදී අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන්න. ඉන් අනතුරුව ජනවාරි මාසයේදී බස්නාහිර පළාත තුළ ධාවනය වන සුඛෝපභෝගී බස් රථවලට හඳුන්වාදීමටත් ඒ වගේම තෝරාගත් සාමාන්‍ය බස් රථ කිහිපයකට හඳුන්වාදීමටත්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂය අවසාන වෙනකොට බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම බස් රථ සඳහා කාඩ්පතක් මගින් මුදල් ගෙවලා ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ සේවාව දියත් කිරීමට සහ සම්පූර්ණ කිරීමට."යනුවෙන්. 

ලන්ඩනයේ ටිල්වින් සිල්වාට එල්ටීටීඊ ආධාරකරුවන් පහර දුන්නද?

ලන්ඩනයේ ටිල්වින් සිල්වාට එල්ටීටීඊ ආධාරකරුවන් පහර දුන්නද?

GalleryGallery