අද ඉඳන් බස්වල යන අයට සුබ ආරංචියක් - මේ කරදරේ ඉවරයි
මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද(24) දින සිට ගෙවීමේ හැකියාව ලබා දීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එබැවින් එහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙසේ බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම හදුන්වා දී ඇත්තේ බස් ගාස්තු ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල් නැවත ලබා නොදීම වැනි ගැටලුවලට විසඳුමක් ලෙස බව සඳහන්.
මෙය ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන නව ක්‍රමවේදයක් වන අතර පළමු අදියර ලෙස මාර්ග 20ක පමණ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.