ඉදිරි පැය 24 මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට අවදානම් - විශේෂ නිවේදනයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ (23) දින පෙ.ව. 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආපදා කළමනාකරණ අංශවලින්ද ඔය ඉවුරු ආසන්නයේ සිටින අය සුරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම සහ පහත් බිම්වල ගමන් කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවත්, ගංවතුර අවදානම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.