නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
නව යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව, රාජ්‍ය නායකයා හමුවීමේ හමුදා සම්ප්‍රදායට අනුව ඔහු ජනාධිපතිවරයාව නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.
මෙම හමුවේදී යුද හමුදාපති ධුරයට පත් නිලන්ත ප්‍රේමරත්න මහතා වෙත ජනාධිපතිවරයා සිය සුබපැතුම් පිරිනැමූ අතර, දෙදෙනා අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු විය.
මේ අතර, නව යුද හමුදාපතිවරයා කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ද හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් ද විශේෂ සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.