නීතිඥ සංගම් සභාපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරමින් රජීව්ගෙන් බුකියට සටහනක්

Report

ඉකුත් සති කිහිපය තුළ තමන්ට එරෙහිව එල්ල වී ඇති පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර සහ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.

ඒ අනුව වෘත්තීය විනය කඩ කිරීම නිසා 2024 පෙබරවාරි 29 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන ලද නාගනන්ද කොඩිතුවක්කුගේ 'Vinivida Foundation' ආයතනය මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන්ට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බවට පළ කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අමරසූරිය මහතා මේ බව සඳහන් කර ඇත.

අඳාළ අසත්‍ය පැමිණිල්ල මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ බලයලත් අලෙවි නියෝජිතයා සඳහා, ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ එක්ව අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තමන් පෙනී සිටින නඩු කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

එසේම ඔහු අවධාරණය කරන්නේ අධිකරණය ඉදිරියේ සේවාදායකයෙකු නියෝජනය කිරීමට නිසි උපදෙස් ලැබූ නීතිඥයෙකු වශයෙන්, තමන් සිය වෘත්තීය වගකීම සහ යුතුකම ඉටු කිරීම සඳහා පමණක් පෙනී සිට ඇති බව‍යි.

මේ අතර රජීව් අමරසූරිය සිහිපත් කළේ මීට පෙර පැවති ඇතැම් නඩු කටයුතුවලදී නාගනන්ද කොඩිතුවක්කු ද පාර්ශ්වකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි බවත්, කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එසේ පෙනී සිටීම නතර වූ බවත් ය.

ඒ අනුව මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත සහ වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඒවා බවත්, දැනුවත්ව අසත්‍ය චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම් ඊට එරෙහිව දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය යටතේ අපරාධමය දඬුවම් මෙන්ම අසත්‍ය ලෙස චෝදනා ලැබූ පුද්ගලයාට වන්දි ලබාදීමේ නීතිමය විධිවිධාන ක්‍රියාත්මක වන බවත් අමරසූරි මහතා පෙන්වා දෙයි.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පුද්ගලික ප්‍රහාර හමුවේ කිසිදා අධෛර්යයට පත් වී නැති බවත්, ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත සිටිමින් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරියටත් තම වෘත්තීය වගකීම් නොපැකිළව ඉටු කරන බවත් ය.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ඔහු තැබූ සටහන පහතින්,

'' පසුගිය සති කිහිපය තුළ මා පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර මාලාවකට ලක්වී ඇත. පළමුව, විපක්ෂ නායකවරයා සමඟ මා රහස් ගිවිසුමකට එළඹී ඇති බවට චෝදනාවක් එල්ල විය. දැන්, වෘත්තීය විනය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර 2024 පෙබරවාරි 29 වන දින නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන ලද නාගානන්ද කොඩිතුවක්කු මහතා, ඔහුගේ Vinivida Foundation ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප්‍රකාශයට අනුව, එම පැමිණිල්ල සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ බලයලත් අලෙවි නියෝජිතයා වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ එක්ව, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මා පෙනී සිටි සහ තවදුරටත් පෙනී සිටින නඩු කටයුතු සම්බන්ධ කරුණුවලටය. සැබෑ කරුණු ඉතා සරලය.
* අධිකරණය ඉදිරියේ මගේ සේවාදායකයා නියෝජනය කිරීම සඳහා නිසි උපදෙස් ලැබූ නීතිඥයෙකු ලෙස, මා පෙනී සිටියේ මගේ වෘත්තීය වගකීම ඉටු කිරීම සඳහා පමණි.
* නාගානන්ද කොඩිතුවක්කු මහතා ද මීට පෙර පැවති ඇතැම් නඩු කටයුතු වලදී වගඋත්තරකරුවෙකු සහ මැදිහත් වන පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එසේ පෙනී සිටීම නතර විය.
* මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරමි. ඒවා අසත්‍ය, ද්වේෂ සහගත වන අතර, මගේ අදහස අනුව වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති චෝදනා වේ.
සැබැවින්ම, දැනුවත්ව අසත්‍ය චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම්, ඊට පිළිතුර සපයන්නේ නීතියමයි. දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය අනුව, කොමිෂන් සභාව වෙත දැනුවත්ව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම වරදක් වන අතර, ඒ සඳහා අපරාධමය දඬුවම් මෙන්ම අසත්‍ය ලෙස චෝදනා ලැබූ පුද්ගලයාට වන්දි ලබාදීමේ විධිවිධාන ද එම පනතේ අන්තර්ගත වේ.
පුද්ගලික ප්‍රහාර මගින් මා කිසිදා අධෛර්යයට පත් වී නැත. ඉදිරියටත් එසේ නොවනු ඇත. ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත ස්ථිරව සිටින විට, ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන විට සහ ආයතන හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සූදානම්ව සිටින විට, විවේචන එල්ල වීම නොවැළැක්විය හැකිය. එය පොදු ජීවිතයේ ස්වභාවික කොටසකි.
වැදගත් වන්නේ සත්‍යය කෙරෙහි අවධානය යොමු කරමින්, තම වෘත්තීය වගකීම් විශ්වාසවන්තව හා අවංකව ඉටු කරගෙන යාමත්, කරුණු තමන් වෙනුවෙන්ම කතා කිරීමට ඉඩ දීමත්ය. පැරණි කියමනක් මතක් කරන්නේ මෙසේය: “උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ.”

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න