අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් රක්ෂිත බන්ධනාගාරයට
ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.