ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බරපතළ අර්බුදයක - වහාම පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට ලිපියක්

Report

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට පිහිටි අවම පහසුකම්වත් නොමැති නොගැළපෙන ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම හේතුවෙන් බරපතළ පරිපාලන, සෞඛ්‍ය සහ ආරක්ෂක අර්බුද රැසක් මතුව ඇති බවට සේවක සංගම් චෝදනා කරන බව වාර්තා වේ.

එසේම මේ ඔස්සේ දැවැන්ත රාජ්‍ය මුදල් නාස්තියක්ද සිදුව ඇති බව පෙන්වා දෙමින් "ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සුරැකීමේ සේවක එකමුුව" මඟින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්.

අඳාළ ලිපියේ සඳහන් වන ලෙස, පසුගිය වසර කිහිපය පුරා රාජ්‍ය භාණ්ඩාගාරයට දැවැන්ත ආදායම් දායකත්වයක් සැපයූ මෙම ආයතනය, වර්තමානය වන විට බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් දැඩි අගතියකට පත්ව ඇති බව එම සේවක එකමුුව පෙන්වා දෙයි.

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

එසේම කම්කරු දෙපාර්තමේන්තුව මඟින් 2026.07.02 දින සිදු කරන ලද පරීක්ෂාවකදී තහවුරු වී ඇත්තේ මෙම පරිශ්‍රයේ තාප අගයන් නිර්දේශිත සීමාවන් (TLVs) ඉක්මවා ගොස් තිබෙන බවයි.

එසේම දැඩි උණුසුම හේතුවෙන් සේවකයන්ට තාප ආඝාත, හෘද රෝග, ස්වසන රෝග සහ වකුගඩු ක්‍රියාකාරීත්වයට හානි වීමේ බරපතළ අවදානමක් මතුව ඇත.

එමෙන්ම වර්ග අඩි 17,000 ක ඉඩකඩක් තුළ සේවකයින් 170 දෙනෙකු සහ බාහිර ආයතන නියෝජිතයින් පිරිසක් සේවය කිරීම හේතුවෙන් එක් සේවකයෙකුට ලැබෙන්නේ ඝන අඩි 100 ක ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් බව සඳහන්.

ඒ අනුව වාත සංසරණය අවම වීම මෙන්ම අනාරක්ෂිත විවෘත වලවල්, වසා දැමුණු ගිනි නිවීමේ දොරටු සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම නිසා ආයතනය තුළ ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව අඳාළ ලිපියේ දැක්වේ.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

එමෙන්ම නිසි බදු ගිවිසුමක් හෝ රජයේ තක්සේරු වාර්තාවක් නොමැතිව මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන යන අතර, අනුමාන මාසික කුලිය රුපියල් ලක්ෂ 45 ත් 50 ත් අතර බව පවසයි.

ඊට අමතරව, මධ්‍යම වායු සමන පද්ධතියක් සවි කරන තෙක් තාවකාලිකව ගෙන ආ Portable AC යන්ත්‍ර වෙනුවෙන් පමණක් දිනකට එක් යන්ත්‍රයකට රු. 3,500.00 ක කුලියක් ගෙවමින්, මසකට ලක්ෂ 38 කට අධික මුදලක් නාස්ති කරමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම පවතින දැඩි මානසික පීඩනය සහ අපහසුතා හේතුවෙන් ගත වූ මාස 08 ක කාලය තුළ සේවකයින් 11 දෙනෙකුම සේවයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් නීති අංශයේ කටයුතු සහ මැණික් ගැරීම් බලපත්‍ර නිකුත් කිරීම වැනි සේවාවන් මාස 4 ක පමණ කාලයක සිට ඇණහිට ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ තාවකාලික AC සඳහා කෙරෙන ජනතා මුදල් නාස්තිය වහාම නතර කර, මෙම නුසුදුසු නාරාහේන්පිට ගොඩනැගිල්ලෙන් ඉවත්ව වෙනත් සුදුසු ස්ථානයක් කඩිනමින් තෝරා ගන්නා ලෙසයි.

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

එමෙන්ම මෙම බරපතළ අක්‍රමිකතා, පෞද්ගලික හිතවත්කම් මත සිදු කළ ප්‍රසම්පාදන සහ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳව වහාම ස්වාධීන පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසටද එම ලිපියෙන් අවධාරණය කර ඇති බව සඳහන්.

එසේම කම්කරු දෙපාර්තමේන්තු වාර්තාවේ නිර්දේශවලට අනුකූලව සේවකයන්ගේ, සේවාලාභීන්ගේ සහ වටිනා දේපළවල ආරක්ෂාව තහවුරු කරන ලෙසද ඉල්ලයි. මෙම ඉල්ලීම් අන්තර් සමාගම් සේවක සංගමය, සේවක සුභසාධක සංගමය, සමඟි සේවක සංගමය සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවක සංගමය යන සංවිධාන ඒකාබද්ධව ඉදිරිපත් කර තිබෙනවා.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්