ඌව වෙල්ලස්ස, රජරට සහ කැලණිය විශ්වවිද්‍යාලවල ස්ථාපිත කරන්න යන පද්ධති මෙන්න - මේ අයට රුපියල් මිලියනය දක්වා මූල්‍ය සහයක්

Report

රජයක් ලෙස නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැගීමේ වගකීම රජය උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින් ඇය අද ( 05) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

එහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ නව ව්‍යවසායකත්වය හා තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීමට විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන එක්ව තාක්ෂණික උපකාරක පද්ධති ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) මඟින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යාපනය, රජරට සහ රුහුණු විශ්වවිද්‍යාල ආශ්‍රිතව ‘Technology Incubation Centres’ ස්ථාපිත කර තිබෙන අතර, ඒවායින් මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය සඳහා උපදේශන සපයනු ලබන බව සඳහන් කළා.

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

එමෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා අංශය මඟින් ක්‍රියාත්මක කරන ‘University Linked Incubation Centres’ ව්‍යාපෘතිය ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තාක්ෂණික සහාය, තත්ත්ව පරීක්ෂණ, පුහුණු වැඩසටහන් සහ ව්‍යාපාර උපදේශන සේවා ලබාදීමට නියමිත බව පවසයි.

එසේම 2026 වර්ෂය තුළදී මේ වන විට වවුනියාව, රුහුණ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල තුළ මෙම මධ්‍යස්ථාන සාර්ථකව පවත්වාගෙන යන අතර, ඒවා මඟින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට තත්ත්ව පරීක්ෂණ, තාක්ෂණ පැවරුම් වැඩසටහන් සහ තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කරයි.

ඒ සඳහා විදාතා අංශය සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය යටතේ ප්‍රතිපාදන ලබාදී තිබෙන බවත්, ඉදිරියේදී ඌව වෙල්ලස්ස, රජරට සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි ද මෙවැනි තාක්ෂණික උපකාරක පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවත් අගමැතිනිය ප්‍රකාශ කළා.

නවෝත්පාදකයන් වෙනුවෙන් සහනදායී ප්‍රාග්ධනය සහ පහසුකම් සැලසීම පිළිබඳ පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) මඟින් ක්‍රියාත්මක ‘Innovation Voucher Schemes’ ඔස්සේ පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ ව්‍යවසායකයන් අතර සහයෝගීතාව වර්ධනය කරමින් මූලික මූල්‍ය සහය ලබා දෙන බවයි.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

තවද Seed funding සහ Venture Capital වැනි ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීමට ද නව්‍ය ව්‍යවසායකයන්ට සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා.

ඊට අමතරව SLIC ආයතනය ‘Innovative Bis’ ණය සහනාධාර සේවාව ඔස්සේ වාණිජ බැංකු පද්ධතිය හා සම්බන්ධ වී අඩු පොලී අනුපාත යටතේ ප්‍රාග්ධනය සපයන අතර, Startups සඳහා විධිමත් ඇගයීමකින් පසු රුපියල් මිලියනය දක්වා ආරම්භක ප්‍රාග්ධනය ලබාදීමටත්, වැඩිදුර ප්‍රතිපාදන වෙනුවෙන් බැංකු පද්ධතිය වෙත යොමු කිරීමටත් අවශ්‍ය අයවැය යෝජනා සකස් කර තිබෙන අතර විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ පෞද්ගලික අංශය අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජාතික පර්යේෂණ සභාව (NRC) සහ ජාතික විද්‍යා පදනම (NSF) මඟින් කර්මාන්ත ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙමින් අපනයන වර්ධනයට හා ආනයන ආදේශනයට අදාළ පර්යේෂණ සිදුකරන බව ද අග්‍රාමිත්‍යතුමිය කියා සිටියා.

එසේම ජාත්‍යන්තර සහයෝගීතාව යටතේ ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පර්යේෂණ ව්‍යාපෘති 16ක් සහ වැඩමුළු 22ක් සඳහා වන ගිවිසුම් 2026 ජූලි 01 වන දින අත්සන් කර ඇත.

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

එමෙන්ම ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීමේදී පවතින බාධා ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, තාක්ෂණික හුවමාරුව සඳහා ‘National Technology Transfer Platform’ එක ද දැනට සංවර්ධනය කරමින් පවතින බව සඳහන්.

එමෙන්ම අවසාන වශයෙන්, නවෝත්පාදකයන්ගේ බුද්ධිමය දේපළ අයිතිය සුරක්ෂිත කිරීමට 2014 වර්ෂයේ සිට ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සංකල්පයට අනුව තාක්ෂණික තොරතුරු වෙත පිවිසීමේ තාක්ෂණ හා නවෝත්පාදන ව්‍යාපෘති ආරම්භ කර තිබෙන බවත්, මේ වන විට තාක්ෂණ හා පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල 25ක පමණ ඒවා ස්ථාපිත කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න