සීතාඑළිය රක්ෂිතය ගිනිබත් කරයි - විනෝදෙට ගිනි තිබ්බ බවට සැකකරුගෙන් පාපොච්චාරණයක්

Report

කඳපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයෙන් සීතාඑළිය රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයට ගිනි තැබූ සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 4කට වැඩි දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සැකකරු නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (05) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය වරද පිළි ගෙන තිබුණා.

ඒ අනුව සැකකරු රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම සඳහා රු.40,000ක දඩ මුදලක්ද, එම රක්ෂිතයේ ගිනි තැබීම තුළින් හෙක්ටයාර එකකට පමණ සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක්ද ගෙවන මෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස නියෝග කර සිටියා.

මේ පුද්ගලයාව දැක්කොත් වහාම දැනුම් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ පුද්ගලයාව දැක්කොත් වහාම දැනුම් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

එසේ දඩ මුදල් ගෙවන ලෙස නියෝග කළේ නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නමති 48 හැවිරිදි අයෙකුට බව සඳහන්.

එමෙන්ම සැකකරු ඉකුත් ජූලි 21 වැනි දින එම රක්ෂිතයට ඇතුලු වී විනෝදයට රක්ෂිතයට ගිනි තැබූ බව සඳහන් කර ඇති අතර, අනතුරුව නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න පාලනය කර සැකකරු අල්ලා බැදුම්කරයක් මත මුදා හැර අද (05) දින සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

නැවත හෙට දිනයේත් මේ සියලුම පාසල් වසන බවට විශේෂ නිවේදනයක්

නැවත හෙට දිනයේත් මේ සියලුම පාසල් වසන බවට විශේෂ නිවේදනයක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්