රජයේ උසස් තනතුරු දෙකක වෙනසක්...හේතුව මෙතනින් කියවන්න...

Colombo Sri Lanka Sri Lanka Government
By Akash Mar 18, 2025 08:34 AM GMT
Akash

Akash

Report

කම්කරු කොමසාරිස් ජනරාල් වශයෙන් දැනට සේවය කරනු ලබන එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා මේ වන විට (18) එම දෙපාර්තමේන්තුවේ වසර 23ක පමණ සේවා කාලයක් සපුරා ඇති බැවින් වෙනත් තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරින් මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි ඒ මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, ඒ අනුව, පුරප්පාඩු වන කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්තව සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය පත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

සජබ ලොකු ඔලුවක් ඉවත් වෙයි...පෙරළියකට සුදානමක් ද?

සජබ ලොකු ඔලුවක් ඉවත් වෙයි...පෙරළියකට සුදානමක් ද?


එමෙන්ම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන් වනවා. ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්. ඒ. එස්. චන්ද්‍රසේකර මහත්මිය 2025-02-28 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා තිබෙන බවයි සඳහන් වන්නේ.

පුරප්පාඩු වී ඇති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක වශයෙන් සේවය කරනු ලබන දේශීය ආදායම් සෙංශයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආර්. පී. එච්. ප්‍රනාන්දු මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.

ReeCha