පොදු ජන පෙරමුණේ හිස් වූ මන්ත්‍රී ධූරයට මන්ත්‍රීවරයෙක් පත් වෙයි

sri lanka Corona virus Covid 19 covid 19
By Sithumi Sep 13, 2021 10:58 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිසම් සභාව වෙත ලිපිලේඛන භාරදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (13) පස්වරුවේ එම ලිපිලේඛන ගෙනැවිත් භාරදී ඇත. 

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පෙරවරුවේ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී අසුන හිස්වී තිබුණි.