ලොව සුපිරි තරුවකගෙන් සමාජ මාධ්‍ය ජාල වාර්තාවක්..ලොව ප්‍රථම වරට සිදු වු දේ..

Social media football new record Christiano Ronaldo Instgram
By Sewvandhi Feb 07, 2022 01:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව සිටින බොහෝ දෙනෙක් මේ වන විටත් කුමන හෝ සමාජ මාධ්‍ය ජාලයක ගිණුමක් හිමි පුද්ගලයෙකු වී අවසන්. මෙවැනි තත්ත්වයක් තුළ ලොව සිටින ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දේශපාල​නඥයි වැනි ලොව ජනප්‍රිය පුද්ගලයින් කටයුතු කරන්නේ සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් හා ඒකරාශී වන අනුගාමිකයින් වැඩිකර ගැනීමයි.

එවැනි ලොව ජනප්‍රියතම ක්‍රීඩා තරුවක් වන පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට සමාජ මාධ්‍ය ජාලයකින් වාර්තාවක් පිහිටුවීමට මේ වනවිට හැකිව තිබෙනවා.

සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඔහු මෙම වාර්තාව පිහිටුවීමටයි හැකිව ඇත්තේ. ඒ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 වෙත ළඟා වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වෙමින්.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම දැඩි ග්‍රාහක පරිශිලින ඉල්ලුමක් පවතින සමාජ මාධ්‍ය ගිණුම් අතර ප්‍රමුඛ තැනක් තැනක් මේ වනවිට හිමිකරගෙන තිබෙනවා. මේ වනවිට ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වටා සම්බන්ධ වී සිටින අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 470කට ආසන්නයි.

ලොව සුපිරි තරුවකගෙන් සමාජ මාධ්‍ය ජාල වාර්තාවක්..ලොව ප්‍රථම වරට සිදු වු දේ.. | New Aocial Media Record From Christiyano Ronaldo

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now