නෙතන්යාහුගෙන් ඉරානයට චෝදනා

Benjamin Netanyahu Israel Iran Sinhala news Iran-Israel War
By Hashini Jun 19, 2025 11:29 AM GMT
Hashini

Hashini

Report

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු X ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පසුවයි.

“අද උදේ ඉරානයේ ත්‍රස්තවාදී කෲර පාලකයින් බීර්ෂිබාහි සොරෝකා රෝහලට සහ රට මධ්‍යයේ ඉන්න සිවිල් ජනතාවට මිසයිල ප්‍රහාර එල්ල කළා. ටෙහෙරානයේ කෲර පාලකයින්ගෙන් අපි මේකේ පළිය ගන්නවා” යනුවෙන් නෙතන්යාහු සඳහන් කර තිබෙනවා.

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

රාත්‍රියේ එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂිබාහි පිහිටි සොරෝකා රෝහලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ඊශ්‍රායල හදිසි සේවා වාර්තා කරන්නේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මිසයිල ප්‍රහාරය රෝහල අසල පිහිටි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගත් බවත්, රෝහල ඉලක්ක නොකළ බවත් ය.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාර සමඟ “එක්විය හැකි” බව පැවසීමෙන් පසුව, බදාදා රාත්‍රිය පුරා ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට ප්‍රහාර එල්ල කර තිබුණා.

අඟහරුවාදා රාත්‍රියේ ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළත්, ඉරානයට පහර දිය යුතුද යන්න පිළිබඳව ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. 

මාලිමාව එක්ක පවුල් කන්න ඕනේ මෙහෙමයි - තොණ්ඩමන්ගෙන් උපදෙස්

මාලිමාව එක්ක පවුල් කන්න ඕනේ මෙහෙමයි - තොණ්ඩමන්ගෙන් උපදෙස්

ReeCha