මාලිමාව එක්ක පවුල් කන්න ඕනේ මෙහෙමයි - තොණ්ඩමන්ගෙන් උපදෙස්

Sri Lanka Politician Jeevan Thondaman National People's Power - NPP Sinhala news Breaking News
By Kaushi Jun 19, 2025 11:14 AM GMT
Kaushi

Kaushi

Report

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.

එසේ උපදෙස් දී ඇත්තේ ජාතික ජන බලවේගය සමග එකතුවී බලය පිහිටවන ලද පළාත් පාලන ආයතනයන්වල පාලන කටයුතු පවත්වාගෙන යාමට බව සඳහන්.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

මේ වන විට ලංකා කම්කරු කොංග්‍රසය මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු පළාත් පලාත් පාලන ආයතන කිහිපයකම ජාතික ජන බලවේගය සමග එකතු වී බලය පිහිටුවා තිබෙනවා.

එහිදී ජාතික ජන බලවේගය මඟින් සමහර පළාත් පාලන ආයතනවල සභාපති ධූරය ලබා ගත් අතර ලංකා කම්කරු කොංග්‍රසය මඟින් නියෝජ්‍ය සභාපති ධුරය ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම තවත් විටකදී ලංකා කම්කරු කොංග්‍රසය මඟින් සභාපති ධුරය හෝ නගරාධිපති ධුරය ලබා ගත් අතර ජාතික ජන බලවේගය මඟින් නියෝජ්‍ය සභාපති හෝ නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමි කර ගෙන ඇත.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ බහුතර බලය කිසිවෙකුට හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගය සමග එක්ව පවත්වාගෙන යාමට එම පක්ෂය මඟින් ගත් තීන්දුවක් මතයි.

ඒ අනුව ආගරපතන ප්‍රදේශයේදි මාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙමින් ජීවන් තොන්ඩමන් මහතා පවසා සිටියේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බවයි.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

ReeCha