පවතින එල්නිනෝ තත්ත්වය මත අද පස්වරුවේ සිට පැය 24ක් වලංගු නිවේදනයක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක සියල්ලටම අදාලයි

Report

නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක හෙට (26) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

ඉතා අනතුරුදායක තත්ත්වයක් - මුළු ලංකාවම ගිනියම් කරමින් ඉදිරි මාස 10ක් තුළ සිදුවන ස්භාදහමේ අති භයානකම වෙනස සිදුවෙයි

ඉතා අනතුරුදායක තත්ත්වයක් - මුළු ලංකාවම ගිනියම් කරමින් ඉදිරි මාස 10ක් තුළ සිදුවන ස්භාදහමේ අති භයානකම වෙනස සිදුවෙයි

මෙම අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

විශේෂයෙන්ම එළිමහනේ අධික ලෙස වෙහෙස වී කටයුතු කිරීමෙන් වැළකී සිටීම, ප්‍රමාණවත් තරම් පිරිසිදු පානීය ජලය නිතර පානය කිරීම සහ වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීම සුදුසු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

heat_pdf by madhushani