ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රලාද් ජෝෂිට

Report

විභාග ප්‍රශ්න පත්‍ර කලින් හෙළිදරව් වීම් සම්බන්ධයෙන් පැනනැගුණු දැඩි විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රලාද් ජෝෂි මහතා පත්කිරීමට පියවර ගෙන ඇත. ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගැනීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් හරහා ප්‍රලාද් ජෝෂි මහතාගේ මෙම නව පත්කිරීම තහවුරු කර තිබේ.

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

මේ වන තෙක් ප්‍රලාද් ජෝෂි මහතා ඉන්දියාවේ ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර, පැන නැගී ඇති අධ්‍යාපනික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඔහු වෙත මෙම නව වගකීම පවරා ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විභාග ගැටලු මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විභාග ගැටලු මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි