මීට සුළු මොහොතකට පෙර බෙල්ලන්විල ප්‍රදේශයේ වෙඩි වැදුණු පුද්ගලයා මරුට
බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ අද රාත්‍රී කාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
නිවාඩු නිකේතනයක හිමිකරුවකු වන 55 හැවිරිදි මල්ලව ආරච්චියේ නෙල්සන් සුදන් අමරසිංහ නමැත්තා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළේය.
පසුව ඔහු මියගියේය. ඔහුගේ නිවාඩු නිකේතනය ඉදිරිපිට දී ඔහු වෙඩි ප්‍රහාරයට ගොදුරු විය.