රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී
2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර නඩත්තුව සහ ඊට අදාළ අනෙකුත් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 3.5කට (රු. 35,430,429) ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම වර්ෂය තුළ දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර 7ක පවත්වා ඇත්තේ රැස්වීම් 3ක් පමණක් වන අතර, එහි නවාතැන් ගෙන ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 3,089කි.
මෙම මන්දිර 7 සඳහා වන දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් සියලු නඩත්තු වියදම් වෙනුවෙන් රුපියල් 32,982,675ක මුදලක් දරා ඇති බව එම වාර්තාවේ දැක්වේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හත කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගණය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා තිබේ.
පවතින එල්නිනෝ තත්ත්වය මත අද පස්වරුවේ සිට පැය 24ක් වලංගු නිවේදනයක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක සියල්ලටම අදාලයි
කෙසේ වෙතත්, කතරගම, මහියංගණය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිරවල කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
එලෙස භාවිතයට නොගත් මන්දිර සඳහා ද දුරකථන, විදුලිය ඇතුළු නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් 2,447,754ක මුළු වියදමක් දැරීමට සිදුව ඇත.