අහම්බෙන් විසි වී වුනාද..හිතලම තල්ලු කරාද..පළාගිය අයෙක් සොයා විමර්ශන..
නෙළුක්කුලම - කලෛමහල් විද්‍යාලය අසලදී දෙපාර්ෂවයක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මාර්ගයට විසිවී මාර්ගයේ ධාවනය වූ වාහනයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (10) සවස මෙම අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 30ක් වූ නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුද්ගලයින් තිදෙනෙකු මාර්ගය ආසන්නයේ ආරවුලක් ඇතිකර ගනිමින් එකිනෙකා පොරබඳිමින් සිටින අවස්ථාවේ එක් අයෙකු මාර්ගය දෙසට විසිවී ගොස් මාර්ගයේ ගමන් කළ වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුකර පළාගිය වාහනය හා රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙළුක්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.