හදිස්සියේම ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Report

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් විය.

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. එමෙන්ම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කාලගුණයෙන් වත්මන් තත්ත්වය - හදිසි විශේෂ ප්‍රකාශයක් මෙන්න

කාලගුණයෙන් වත්මන් තත්ත්වය - හදිසි විශේෂ ප්‍රකාශයක් මෙන්න

අද පෙරවරුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ජාවේදී ගනු ලැබූ තීන්දු තීරණ මෙන්ම ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් මේ වනවිට ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම, එහිදී මතුව ඇති ගැටලු සහ ඊට ලබාගත හැකි කඩිනම් විසදුම් පිළිබද විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි.

එමෙන්ම වාරි මාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව විශේෂයෙන් සාකච්ජාවට ලක් ව ඇති අතර විශාල ජල කඳක් ඒකරාශී වීමෙන් වැව් බැම්මට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි අධික පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරමින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගන්නා ලෙසද අදාළ අංශවලට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලුම ආයතනවලට හෙට නිවාඩු දිනයක්

අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලුම ආයතනවලට හෙට නිවාඩු දිනයක්

ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති අතර දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් බව එහිදී නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.