දෙව්මි වගේ චරිත වලට ආයේ මම රංගනයෙන් දායක වෙන්නේ නැහැ-නයනතාරා වික්‍රමාරච්චි..(PHOTOS)
වසර කිහිපයක්ම එක පිටම ජනප්‍රියම නිලිය සම්මානය කිහිප වතාවක්ම දිනාගත් අපූරු රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ. ඇය ගැන හොදින්ම දැන හඳුනා ගන්නට පටන් ගත්තේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලට සහභාගි වීමත් එක්ක.
ඉතින් ඒත් සමඟින් අද වෙනකොට ලංකාවේ ඇය පිළිබදව නොදන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. ජනප්‍රිය චරිතයක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් නිසාම තමයි කීප විටක්ම ජනප්‍රිය සම්මානය හිමිකර ගන්නට ඇය සුදුසුකම් ලබනවා.
ඉතින් ඒ වගේම දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට අමතරව ඇය ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයකම දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඊට අමතරව මේ දවස් වල විකාශනය වන පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය ඔස්සේ ද ඇයගේ රංගන හැකියාවන් දැකබලා ගන්නට අපට හැකියාවක් ලැබිලා තිබෙනවා.
කෙසේ වෙතත් ඇය ටෙලි නාට්‍ය තුළින් පමණක් නවතින්නේ නැතිව ඇගේ රංගන හැකියාව රිදී තීරයටත් අරගෙන ගිහිල්ලා කියලයි ආරංචි වෙන්නේ. මේ වන විට සිනමාපට කිහිපයකටම රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා කාරණාව ඇය විටෙක සඳහන් කරලා තිබුණා.
2015 වසරේ දී ඇය පළමු වරට රංගනයෙන් දායක වෙන්නේ හංස පිහාටු කියන ටෙලිනාට්‍යයට. පසුව මීදුමෙන් එහා, සමනලුන්ට එන්න කියන්න, වැනි ටෙලි නාට්‍යය කිහිපයකටම ඇය රංගන දායකත්වය ලබා දෙනවා.
ඉතිං නයනතාරා කියන විදිහටම පෞද්ගලිකවම ආදරේ කරන චරිතයක් තමයි දෙවෙනි ඉනිමේ රඟපාන දෙව්මි ගේ චරිතය. ඉතින් දෙව්මි ඔස්සේ තමයි ප්‍රේක්ෂකයන් බොහෝ විට ඇයව දැන හඳුන ගන්නෙ.
ඉතින් ඇය කියන දෙයක් තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය අවසන් වීමෙන් පසුව නැවතත් එම නාට්‍යයේ දෙව්මි කියන චරිතයට සමාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ නැහැ කියන දේ. ඒ වගේම ඇය සඳහන් කරන්නේ රංගනයෙන් දායක වන චරිත වල වෙනස් කමක් තියෙන්නට ඕන කියලා.
දෙව්මි කියන චරිතය ඔස්සේ අපූරු හැඩතල මැවූ ඇය නැවතත් එවැනි ආකාරයේ චරිත නිරූපණයන් පුංචි තිරය හෝ රිදී තිරය තුළ සිදු කෙරෙන එකක් නැතිවෙයි කියලා තමයි ඇය සඳහන් කරන්නෙ.
නමුත් දක්ෂ රංගන ශිල්පිනියක් නිසාවෙන් වෙනස් ආකාරයේ නිර්මාණ තුළින් ඇයව දැක බලා ගන්නට අපට හැකියාව ලැබේවි. ඉතින් ඇගේ අලුත් කලා කටයුතුවලට වගේම පෞද්ගලික ජීවිතයේ කරුණු කාරණා වලටත් බොහොම ආදරයෙන් සුබ පැතුම් එකතු කරනවා සියල්ල සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්න කියලා.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |