තවත් ජනප්‍රිය නිළියකට කොවිඩ්

By Sewvandhi Aug 06, 2021 09:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ බව ඇය සිය ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ දිනයේදී තමන් ආසාදිත බවට දැනගත් බවත ඒ අනුව නිවසේ නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදෙශ අනුව කටයුතු කරන බවත් ඇය සඳහන් කරයි.  මීට අමතරව,

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මේ වන විට ඇය නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය දිනක සිදුකළ PCR පරීක්ෂණයකින් ලැබුනු ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී තිබෙනවා.

ශලනි තාරකා සයිනෆාම් එන්නත් මාත්‍රා දෙක ලබාගෙන ඇති බව ඇගේ මුහුණු පොතේ සදහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery