හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 1,616ක පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 41ක පවුල් 458ක් මෙසේ බලපෑමට ලක්ව ඇති බවයි.
එමෙන්ම පසුගිය 18 වනදා සිට අද දිනය දක්වා කාලය තුළ අයහපත් කාලගුණය නිසා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් එක් අයෙකු අතරුදන්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඊයේ රාත්‍රී ගම්පහ, බියගම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් නිසා ගලහිටියාව උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවාස 5කට හානි සිදුව ඇති අතර විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුව ඇති බව සඳහන්.
ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්
එසේම මේ වන විට ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් 26කට අයත් පුද්ගලයින් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා ඇත.
තවද අද පෙරවරු 8. 30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 85යි දශම 6ක් වූ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොටවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර පවතින වැසි සහිත කාලගුණය නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා.
එමෙන්ම කුකුලේ ගග ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.
එසේම මේ වන විට ගංගාවල පවතින ජල මට්ටම් සම්බන්ධයෙන් පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා,
“තෙත් කලාපයේ ප්‍රධාන ගංගාවල් කිහිපයකම තවමත් ඉහළ අගයක හෝ සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ පහල තල්ගහලොඩ සහ අකුරැස්සෙන් පහළ ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු මෙවමින් පවතිනවා. ඒ් වගේම ගිං ගඟ පබද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ට්මක පවතිනවා. එම නිසා බද්දේගම අවට සහ පහත් බිම් ප්‍රදේශවල ජනතාව තවදුරටත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයයි. ප්‍රධාන වශයෙන්ම ගංවතුර තත්ත්වය මිල්ලකන්ද මඟුරු සහ පුටුපවුල ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වීමක් සහ සුළු ගංවතුර තත්ත්වයන් පවතිනවා. එම ප්‍රදේශයේ පිහිටි පහත්බිම් මේ වන විටත් යට වී තියෙන්නේ නමුත් තවදුරටත් ව්ශාල වැඩිවීමක් මේ දක්වා වර්ෂාපතනයක් අනුව අපේක්ෂා කරන්නේ නැ. ඒ් වගේම කැලණි ගගේ ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා ඒ් වගේම හහවැලි ගඟ ඉහළ ද්‍රෝණියේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට නෑ...” යනුවෙන් පවසා ඇත.
මේ අතර දිස්ත්‍රික් 10ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් නිවේදන තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වයි.
ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට ඉවත්වීමේ රතු නිවේදන ද නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ මහත්මිය ප්‍රකාශ කළා.
“ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස 13ක් ආවරණය වන පරිදි අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ් අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍ර.ලේ. කොට්ඨාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රා.ලේ. කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය ප්‍රා.ලේ. කොට්ඨාසයටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරිණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඔවිට ප්‍ර.ලේ. කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නොවුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමුව යන ප්‍රා.ලේ. කොට්ඨාසයවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍ර.ලේ. කොට්ඨාසයටත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා”
එසේම අද දිනයේ දිවා කාලයේ වැසි තත්ත්වයේ තරමක අඩු වීමක් අපේක්ෂා කළ ද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න
එබැවින් හෙට සහ අනිද්දා යන දිනවලදී ද වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.
“මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඔ පළාත් ඒ් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද දිනයේදීත් කඩින් කඩ වැසි අපේක්ෂා කිරිමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩු තත්ත්වයක් පෙන්නුවත් රාත්‍රී කාලයේ සිට වැසි වැඩීවීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ් වගේම හෙට සහ අනිද්දා දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් නැවත වතාවක් අපේන්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම්ව පවතිනවා. මේ නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව ,මධ්‍යම, වයඔ, පළාත්වලත් ඒ් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාව ඒ් වගේම නායයැම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න”