කාලගුණික තත්ත්වය එන්න එන්නම දරුණු වේ - යුධ සහ නාවික හමුදාව සීරුවෙන්
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ හටගත් ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා යුධ සහ නාවික හමුදා සාමාජිකයන් විශේෂයෙන් ස්ථානගත කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
හදිසි මුදාගැනීම් සහ සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් නාවික හමුදාව විසින් ජීවිතාරක්ෂක බෝට්ටු ද නාවලපිටිය පොලීසිය වෙත යොමු කර ඇත.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
ගංවතුර හේතුවෙන් නාවලපිටිය, කිතුල්කොටේ සහ ලබුවැල්කොටුව ප්‍රදේශවල පවුල් 13කට අයත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින අතර, ඔවුන් මේ වන විට නාවලපිටිය ඉඹුල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව රඳවා තබා තිබේ.
පීඩාවට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි තුෂාරි ජයසිංහ මහත්මිය ද ඊයේ (20) පස්වරුවේ අදාළ මධ්‍යස්ථානය වෙත ගොස් ඇත.
කෙසේ වෙතත්, නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනය මේ වන විට අඩුවෙමින් පවතින බැවින්, ජලයෙන් යටවූ පහත්බිම් සහ නිවාසවල ජල මට්ටම ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව ද ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.