සුදු වෙන්න ගෙදර කරන්න පුළුවන් ස්වභාවිකව ක්‍රම කිහිපයක්
තමන්ගේ සම සුදු කරගන්න අකමැති කෙනෙක් නෑනේ. මේ නිසාම ගොඩක් ය අධික මුදලක් වියදම් කරලා වෙළඳපලේ තියෙන විවිධ රුපලාවන්‍ය නිෂ්පාදන සහ ක්‍රීම් වර්ග භාවිතා කරන්න් පෙළඹිලා තියෙනවා, හැබැයි මේ නිෂ්පාදන බොහොමයක අඩංගු වෙන කෘතීම රසායන දද්‍රව්‍ය නිසා සම සුදු උනත් ඇති වෙන්න පුළුවන් අහිතකට අතුරු ප්‍රතිඵල නම් බොහොමයි. නමුත් අපේ අවට තියෙන ස්වභාවික දේවල් බොහොමයක් විවිධ රුපලාවන්‍ය ගුණ තියෙන ඒවා කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ, ඉතින් අපි කියන්න යන්නේ අද ගෙදර ඉඳලම ස්වභාවිකව සුදු වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. ලෙමන් සාරය භාවිතා කිරීම
ඈත අතීතයේ ඉඳල සමේ පැහැපත් බව පවත්වා ගැනීමට භාවිතා උන දෙයක් තමයි ලෙමන් සාරය කියලා කියන්නේ. ලෙමන් යුෂ වල තියෙන ආම්ලික ගතිය සමේ අඳුරු පැහැයට හේතු වෙන මෙලනින් වර්ණක අඩංගු සෛල ඉවත් කරල පැහැපත් සමක් ලබාදීමට හේතු වෙනවා. කොහොම උනත් ලෙමන් යුෂ විතරක් සමේ ආලේප කිරීම එතරම් හොඳ දෙයක් නෙවේ. ඒ නිසා ලෙමන් යුෂ කොටසකට වතුර කොටසක් එකතු කරලා මිශ්‍රණයක් සාදාගන්න. ඊට පස්සේ පුළුන් කෑල්ලක් භාවිතා කරල මේ මිශ්‍රණය සමේ හැමතැනම ආලේප ල කරගන්න. ඊට පස්සේ විනාඩි 15 කට පස්සේ උණුවතුරෙන් සෝදා හරින්න. හැබැයි ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න කියලා දිනපතා මේ දේ කරන්න නම් හොඳ නැහැ. සතියකට දෙතුන් වතාවක් විතරක් කරාම ඇති. ඒ වගේම ලෙමන් යුෂ නිසා සම වියලිමකට ලක් වෙන්න පුළුවන් ඒ නිසා උණුවතුරෙන් හෙදුවට පස්සේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිතා කර්න්නත් අමතක කරන්න එපා.
ලෙමන් යුෂ සහ කිරි
ලෙමන් සහ කිරි කියන්නෙත් සම සුදු කරන්න භාවිතා කරන්න පුළුවන හොඳ සංයෝගයක්. ඔබ ස්නානය කරන විටදී බාත් ටබ් එකකට වතුර පුරවා එයට ලෙමන් යුෂ සහ කිරි එකතු කිරීමෙන් මුළු සිරුරම සුදු කරන ප්‍රතිකර්මයක් කරගන්න ඔබට පුළුවන්. මේ සඳහා බාත් ටැබ් එකට ජලය පුරවා සම්පුර්ණ යොදය සහිත කිරි වීදුරුවක් සහ විශාල ප්‍රමාණයේ ලෙමන් ගෙඩියක් සම්පුර්ණයෙන් මිරිකා ගන්න යුෂ එයට එකතු කරන්න. ඉන් පසු එය හොඳින් කලතා එහි බැහැලා විනාඩි 20ක් වගේ ඉන්න. ඊට පස්සේ නැවත පිරිසිදු ජලයෙන් ඇඟේ තියෙන කිරි මිශ්‍ර ජලය සෝදාහරින්න.
යෝගට් සහ මී පැණි
යෝගට් සහ කියන්නේ රුපාලවන්ය ගුණ විශාල වශයෙන් අඩංගු වෙන දෙකක්. කිරි වල වගේම යෝගට් වලත් සම පැහැපත් කරන ගුණ අඩංගු වෙනවා. මේ ද්‍රව්‍ය දෙක භාවිතා කරලා ඔබට නිවසේදීම සමට පෝෂ්‍යදායි මාස්ක් එකක් සාදාගන්න පුළුවන්. ඒ සංධ මීපැණි කොටස් එකකට යෝගට් කොටස් එකක් එකතු කර හොඳින් කලවම් කරලා මිශ්‍රණයක් සාදාගන්න. ඉන්පසු මුහුණේ සහ ශරීරයේ අනෙක් තැන වලත් මේ මිශ්‍රණය හොඳින් ආලේප කරන්න. විනාඩි 15කත පමණ පස්සේ උණු වතුරෙන් සෝදා හරින්න.
ස්වභාවික පේස්ට් එකක් සාදගනිමු
ගෙදරිම ස්වභාවික පේස්ට් එකක් සාදාගැනීමට කඩල පිටි හෝ කහ කුඩු මේස හැන්දකට ප්‍රමාණවත් තරම් දෙහි යුෂ සහ කිරි එකතු කරගන්න. පේස්ට් එක හදාගත්තට පස්සේ මුහුණ හොඳින් පිරිසිදු වතුරෙන් හෝදලා මේ පේස්ට් එක ගාල තියලා විනාඩි 15කත පමණ පස්සේ උණු වතුරෙන් සෝදා හරින්න
මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කරමු
අපේ සම කියන්නේ නිතරම අලුත් වෙන ඉන්ද්‍රියක්. එහිදී අලුතෙන් සෛල හැදෙනකොට කලින් සෛල මැරෙනවා. හැබැයි සමහරවෙලාවට මේ මැරුණු සෛල ඉවත් නොවී සමේ එකතු උනාම සමේ තියෙන දීප්තිමත් බව නැති වෙලා යනවා. ඒ නිසා සම පැහැපත්ව තබාගන්න නම් මේ මැරුණු සෛල ඉවත් කරන්න ඕනේ. මේ සංධ ස්නානය කරන වෙලාවට සීනි හෝ ලුණු භාවිතා කරලා සම හොඳින් ඇතිල්ලීම සාර්ථක ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මුහුණට යොදන ස්වභාවික ෆේෂල් ස්ක්රබ් එකක් විදිහට අඹරාගත්ත ඕට්ස් හෝ ආමන්ඩ් භාවිතා කරන්නත් පුළුවන. ඒ වගේම සම හොඳින් තෙතමනය සහිතව තබාගැනීමත් මෙහිදී ඉතාම වැදගත් වෙනවා.

