ජාතික බදු සතිය අද සිට
Anura Kumara Dissanayaka
Income Tax Department
Sinhala news
By Hashini
'ජාතික බදු සතිය' අදින් (02) ආරම්භ වීමට නියමිතයි.
අද ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය සනිටුහන් කිරීමේ වැඩසටහන උදෑසන 09.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්හ කෙරෙනු ඇති.
අදින් ආරම්භ කෙරෙන බදු සතිය ජූනි 07 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර එය 'බදු ශක්ති' නමින් නම් කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීම සහ දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බවයි.
