රටම මග බලා සිටින ජාතික අලුත් සහල් මංගල්‍යය පවත්වන දිනයන් මෙන්න

Report

මෙවර 59 වැනි වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 8 සහ 9 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කැළුම් දිසානායක මහතා සදහන් කර ඇත.

අප්‍රේල් 9 වනදා උදෑසන 8.00ට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මංගල්‍යයේ ප්‍රධාන කටයුතු පැවැත්වීමට නියමිතව තිබේ.

අප්‍රේල් 8 වනදා අළුයම සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් මංගල්‍යයේ ආගමික කටයුතු ආරම්භ වන අතර, ඉන් අනතුරුව බෝධි පූජා සහ මල් පූජා පැවැත්වේ.

එදින උදෑසන 6.00 සිට සවස 5.00 දක්වා හේවිසි පූජාව අඛණ්ඩව පැවැත්වීමටද නියමිතව ඇත.

අප්‍රේල් 9 වනදා උදෑසන අලුත් සහල් පාත්‍ර රැගත් පෙරහැර ආරම්භ වන අතර එය ජය ශ්‍රී මහා බෝධිය නැගෙනහිර රථ ගාල අසලින් ගමන් ආරම්භ කරයි.

පෙරහරින් රැගෙන යන සහල් බෝධින් වහන්සේ අසල තැන්පත් කර ඇති මහා පාත්‍රයට පිරවීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය .

මෙම උත්සවය අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක්

ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක්

තවද ඌරු වරිගේ වන්නිලා ඇත්තන් විසින් පාරම්පරික මී පැණි පූජාව සිදු කිරීමද මෙවරත් සිදු කරයි .

ඒ වගේම පාරම්පරික වී වගා කරන ගොවීන් සඳහා ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව පාරම්පරික වී ලබාදීම සිදු කරනු ලබයි.

     තවද දක්ෂතම ගොවීන් තිදෙනෙකුට සම්මාන පිරිනැමීමද මෙම අවස්ථාවේ සිදු කිරීමට නියමිතය.

අවසානයේ ජනාධිපතිතුමා අතින් ජය ශ්‍රී මහා බෝධියට රිදී කාසි හා පිරිකර පූජා කිරීමද සිදු කෙරෙන අතර, අප්‍රේල් 9 වනදා දහවල් භික්ෂූන් වහන්සේ 50 නමක් සඳහා දහවල් දානය පිරිනැමීමෙන් 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයේ කටයුතු අවසන් වේ.