ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක්

Report

ලක්විජය බලාගාරයේ 2026/2027 වාරය සඳහා ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර ඇත.

2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර තිබෙන බව ලංකා ගල්අඟුරු සමාගම සඳහන් කරයි.

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ 2026/2027 වාරය සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල්අඟුරු සමාගම සිය වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධකර තිබේ.

2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බව එහි දැක්වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් නව අවුරුදු සමය වෙනුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් නව අවුරුදු සමය වෙනුවෙන් විශේෂ නිවේදනයක්

මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳව ද දැනුම් දී ඇත .

ඒ වගේම යාත්‍රා 38ක් යටතේ ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් එම ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන් වේ.

තවද සපයනු ලබන ගල්අඟුරුවල ප්‍රමිතිය සහ ලංසු ඉදිරිපත් කරනු ලබන සමාගම්වල වගකීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ලංකා ගල්අඟුරු සමාගම අදාළ ටෙන්ඩරය මගින් දැනුම්දී ඇත.

පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි

පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි