ජූලි 01 සිට 05 විශේෂ සතියක් - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැඩක්

Report

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ‘ශ්‍රී ලාංකේය ජාතියක් - විශ්වීය පුරවැසියෙක්’ බිහිකිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් 2026 ජූලි මස 01 වන දින සිට ජූලි මස 05 වන දින දක්වා රාජ්‍ය භාෂා දිනය හා සමගාමී සතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි.

මේ වසරේ භාෂා සතිය සඳහා තේමාව වී ඇත්තේ ‘බස වඩමු හද දිනමු’ යන්න වන අතර මෙවර භාෂා සතිය තුළ ජූලි 01 දින රාජ්‍ය භාෂා දිනය සහ සමාරම්භක දිනය ලෙසද, ජූලි 02 දින ‘නගමු දෙබස – සුරකිමු රට’ තේමාවෙන් පාසල් දිනය ලෙසද, ජූලි 03 දින ‘බස ආලෝකයයි’ තේමාවෙන් මහජන දිනය ලෙසද, ජූලි 04 දින ‘බසක අරුණලු’ තේමාවෙන් යොවුන් දිනය ලෙසද නම් කර ඇත.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - ලබන සතියේ සිට මහාමාර්ගයේ පොලිසියෙන් පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - ලබන සතියේ සිට මහාමාර්ගයේ පොලිසියෙන් පරීක්ෂාවක්

ජූලි 05 වනදා මෙහි අවසන් දිනය වන අතර මෙම වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ඒකාබද්ධව කටයුතු කරයි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහ ජාතික සහජීවනය ප්‍රවර්ධනය කිරීම උදෙසා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි විශේෂ භාෂා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.

මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය

මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය

මෙහිදී පාසල් සිසුන්, තරුණ ප්‍රජාව, රාජ්‍ය නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් භාෂා කඳවුරු, ප්‍රශ්න විචාරාත්මක තරඟ, ද්විභාෂා සංගීත රසවින්දන වැඩසටහන් සහ පුස්තකාල පහසුකම් නැංවීමේ ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නැංවීමට නියමිතයි.