පොසොන් පොහොයට විකුණන්න හරකුන් මැරූ ඝාතකාගාරයක් වටලයි
පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් හෙට දින දිවයින පුරා පවතින සියලුම ගව ඝාතකාගාර වසා ඇති බැවින් හෙට 29 වනදා විවිධ ආපන ශාලා සහ හෝටල් වෙත නිකුත් කිරීම සඳහා සාමාන්‍ය හරක් මස් ලෙස වංචනිකව හැඟවෙන පරිදි මී ගවයින් විශාල සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස ඝාතනය කරමින් තිබූ ස්ථානයක් වටලා ප්‍රධාන සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සාමාන්‍ය හරක් මස් ලෙස පාරිභෝගිකයින්ට හැඟවෙන පරිදි මී ගවයින් අමානුෂික ලෙස ඝාතනය කර එම මස් තොග පිටින් වෙළඳපොලට නිකුත් කිරීමේ මහා පරිමාණ සූදානමක් පවතින බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද ඉතාමත් රහසිගත සහ විශ්වාසවන්ත තොරතුරකට අනුවයි මෙම සාර්ථක වැටලීම සිදුකර ඇත්තේ.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උසස් නිළධාරීන් කණ්ඩායමක් විසින් අද {28} වනදා අළුයම කාලයේදී මහබාගේ උතුර ප්‍රදේශයේ පිහිටි ගව ඝාතකාගාරය ක්ෂණිකව වටලනු ලැබීය.
පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදීත් මී ගවයින් 13 දෙනෙකු සහ එක් එළහරක් පැටියෙකු ඉතාමත් සෝචනීය ලෙස ඝාතනය කර තිබී ඇති අතර මරා දැමීම සඳහා එතැනට රැගෙන විත් සිටි තවත් එක් මී ගවයෙකු බේරා ගැනීමට ද සහන සේවා කණ්ඩායම්වලට හැකියාව ලැබුණි.
මෙසේ සාහසික ලෙස මරා දමා තිබූ මී ගවයින්ගේ හිස් කබල් ඇටකටු සහ මිනිස් පරිභෝජනයට ගත නොහැකි අනෙකුත් අපද්‍රව්‍ය කොටස් සම්පූර්ණයෙන්ම ඉවත්කල පසු විකිණීමට සකස් කර තිබූ මස්වල බර පමණක් කිලෝග්‍රෑම් 5000 කට අධික වී ඇති අතර වැටලීමේදී එම නීතිවිරෝධී ගව ඝාතකාගාරයේ රැඳී සිටි සැකකරුවන් 4 දෙනෙකු ද මෙලෙස නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.
සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් පොලිසිය සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙට දිනට යෙදෙන පොසොන් පොහොය හේතුවෙන් රජයේ නියෝග මත නීත්‍යානුකූල ගව ඝාතකාගාර වසා දමා ඇති බැවින් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රධාන පෙළේ හෝටල් සහ ආපන ශාලාවලට සාමාන්‍ය ගව මස් ලෙස වැඩි මිලට නිකුත් කිරීම සඳහා මෙම මී ගවයින් වංචනිකව මැරූ බවට ඔවුන් විසින්ම නිල වශයෙන් අනාවරණය කර ඇත.