ජාතික පොසොන් උත්සවයට සියල්ල සූදානම්- දන්සල් දෙන අයගෙන් පොලිසියෙන් කළ ඉල්ලීම මෙන්න

Report

ජාතික  පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වනවිට සම්පූර්ණ කර ඇත.

උත්සවයේ ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණය සඳහා නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් 3,180 දෙනෙකු ඇතුළුව 3,500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා සඳහන් කළේය.

පොසොන් උත්සවයට සමගාමීව අද (28) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත ඓතිහාසික මිහිඳු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පොසොන් වන්දනාවේ යන අයට පොලිසියෙන් හදිසි නිවේදනයක්- අනුරාධපුරයේ විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

පොසොන් වන්දනාවේ යන අයට පොලිසියෙන් හදිසි නිවේදනයක්- අනුරාධපුරයේ විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

මේ අතර, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදේශය පුරා දන්සල් විශාල සංඛ්‍යාවක් සංවිධානය කර ඇති අතර, ඒවා පවත්වන සංවිධායකයන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ මාර්ගයේ ගමන් කරන රථවාහන සහ බැතිමතුන්ට කිසිදු බාධාවක් හෝ අපහසුතාවක් ඇති නොවන පරිදි දන්සල් පවත්වාගෙන යන ලෙසයි.