සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන [VIDEO]

Report

සමාජ මාධ්‍ය පුරාවටම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් නව ව්‍යාපාරිකයෙකු ලෙස කරළියට ආපු Mr. Koththu හෙවත් විරාජ් වික්‍රමනායක නමැති තැනැත්තා පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඔහු දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොත්තු අලෙවි කරන වෙළඳසැල් ආරම්භ කර, එහි රැකියා කිරීමට සේවකයන් පිරිසක් තෝරාගෙන සිටියා.

ඔහු සෑම විටම සමාජ මාධ්‍ය හරහා පෙන්වන්නේ තමන් තම සේවකයන්ට ඉහළින් සලකන පුද්ගලයෙකු බවයි.

සුබ ආරංචියක් - මාළු මිල පහතට නව අගයන් මෙන්න

සුබ ආරංචියක් - මාළු මිල පහතට නව අගයන් මෙන්න

නමුත් මේ වන විට ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින්, සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ඔවුන්ට පහර දෙන ආකාරයේ දර්ශන ඇතුළත් CCTV දර්ශන රැසක් සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු වෙමින් තිබෙනවා.

බොහෝ දෙනා චෝදනා කරන්නේ ඔහු කළු සල්ලි සුදු කරන්න මේ විදිහට ව්‍යාපාරයක් ආරම්භ කළා කියලයි.

අවසානයේ ඔහුගේ ඇත්තම සමාජ ස්වරූපය මේ ආකාරයෙන් ඉස්මතු වන බව ඔවුන් සඳහන් කරනවා.

යුධ හමුදා සෙබළුන්ට රජයෙන් අලුත් රාජකාරියක් පවරයි - පළමුවෙන් 60 දෙනෙකු පුහුණුවට

යුධ හමුදා සෙබළුන්ට රජයෙන් අලුත් රාජකාරියක් පවරයි - පළමුවෙන් 60 දෙනෙකු පුහුණුවට

එමෙන්ම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියල්ල සූදානම් බව සඳහන් වේ.

පහර දෙන වීඩියෝව පහතින් උපුටා දැක්වේ.