යටියන්තොට පොලීසියේ ට්රැෆික් OIC අත්අඩංගුවට- හේතුව මෙන්න
රාජකාරී සඳහා භාරගත් ගිනිඅවියක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, සීතාවකපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
විමර්ශනවලට අනුව, සැකකාර නිලධාරියා පසුගිය 26 වැනිදා රාජකාරි සඳහා පිටත්ව යාමේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ එයට අදාළ උණ්ඩ 10ක් භාරගෙන ගොස් තිබුණද, රාජකාරි අවසන් වීමෙන් පසු ගිනිඅවිය සහ උණ්ඩ නිසි පරිදි ආපසු භාරදී නොමැති බව අනාවරණය වී ඇත.
ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) රුවන්වැල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.