රජයේ සේවකයෝ හිඟන්නෝ නෙමෙයි- ආණ්ඩුවේ හාල් පොරොන්දුවට සීලරතන හිමිගෙන් සැර ප්‍රහාරයක්

Report

රාජ්‍ය සේවකයනේ ජන්දය බලාපොරොත්තුවෙන් හාල් වලින් දීමනා දෙන්න දැන්ම පටන් ගෙන තිබෙන බව බත්තරමුල්ලේ සීලරතන හිමි සදහන් කර තිබේ.

  උන්වහන්සේ මාධ්‍ය අමතමින් තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

රාජ්‍ය සේවකයන්ට  ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නෙ කොහොමද මුන්ට අමු කැවිලා තියෙන්නේ.   රජයට ජන්දෙ දුන්නේ හාල් කිලෝ 20ක් ගෙවන්න ගන්න නෙමේ . මේපොහොසත් රටක් clean ශ්‍රී ලංකාවක් කරන්න ආපු අය නේද?  ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ විස්සක් දෙන්න තරම් ආණ්ඩුව බංකොලොත් වෙලාද . බදු මුදල් කොහෙද තියෙන්නේ , imf එකෙන් හම්බුන සල්ලි වලට මොකද වුණේ ඒ කිසි දෙයක් නෑ රජයේ සේවකයන්ගේ කුස විතරද තියෙන්නේ ඇයි ගමේ ගමේ දුප්පත් මිනිහට හාල් ඕනේ නැද්ද?

දුප්පත් මිනිහට පුන්නක්කු දෙන්නම් කියලා රාජ්‍ය සේවකයට හාල් දෙන්න හදනවා රාජ්‍ය සේවකයනේ ජන්දය බලාපොරොත්තුවෙන් දැන්ම පටන් ගත්තා හාල් වලින් දීමනා දෙන්න. රාජ්‍ය සේවකයෝ එච්චරම හිගන්නු නෙමේ , අසරණ ජනතාව ඉන්නවා ගම්මාන වල ඉන්නවා . ඒ මිනිස්සුන්ගේ හාල් ටික ගන්න රජයට ඒ කිසි දෙයක් නෑ

මේ ආණ්ඩුව තමන්ගේ උද්ධච්චකම පැත්තක තියලා ජනතාවට සහන සලසන්න . නැත්නම් ගෝඨා ගෝ හෝම් කිව්වා වගේ අනිවාර් යෙන් අනුර ගෝ හෝම් කියනවා   ''

වැරදි කරන අය පක්ෂයෙන් එළියට – ධම්මපදය මතක් කරමින් සජිත් ප්‍රේමදාසගෙන් දැඩි තීන්දුවක්

වැරදි කරන අය පක්ෂයෙන් එළියට – ධම්මපදය මතක් කරමින් සජිත් ප්‍රේමදාසගෙන් දැඩි තීන්දුවක්