වීරකැටියේ ඝාතනයක් - තියුණු ආයුධයකින් කුරිරු ලෙස පහරදී අමානුෂික අන්දමින් පහර දී ඝාතනය කරලා
වීරකැටිය කිංචිගුණේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් කුරිරු ලෙස පහරදී අමානුෂික අන්දමින් ඝාතනය කර තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ හකුරුවෙල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකි.
දෙපාර්ශවය අතර කලක සිට පැවති පුද්ගලික ආරවුලක් බරපතළ ලෙස දුරදිග යාම හේතුවෙන් මෙම දරුණු මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බව පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම දරුණු ආරවුල හටගත් අවස්ථාවේදී එය වැළැක්වීමට මැදිහත් වූ සැකකරුගේ මව ද බරපතළ ලෙස තුවාල ලබා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.
අදාළ සාපරාධී ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 29 ක් වන මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව නිල වශයෙන් වාර්තා වේ.
සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය දැනට වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තැන්පත් කර ඇති අතර වීරකැටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඉතාමත් පුළුල් ලෙස සිදු කරයි.