කුවේට් සහ බහරේන්වල අමෙරිකානු හමුදා ස්ථාන 08ක් විනාශ කරමින් ඉරානයෙන් දරුණු ප්‍රහාර
කුවේට් සහ බහරේන් රාජ්‍යයන් තුළ පිහිටා ඇති ප්‍රධාන පෙළේ අමෙරිකානු හමුදා කඳවුරු සහ ආරක්ෂිත ස්ථාන 8 ක් වෙත තමන් විසින් ඉතාමත් සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව නිල වශයෙන් පවසයි.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ පසුගිය දිනවලදී අමෙරිකානු පාර්ශවයේ මැදිහත් වීමෙන් ඉරාන දේශසීමා ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දරුණු මිලිටරි ප්‍රහාරවලට සෘජු ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙලෙස කුවේට් සහ බහරේනයේ පිහිටා ඇති ප්‍රමුඛ අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි.
එමෙන්ම ලෝක වෙළඳාමට අතිශය තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉදිරියේදී නීතිවිරෝධී ලෙස යාත්‍රා කිරීමට උත්සහ කරනු ලබන බටහිර රටවලට හිතවාදී ඕනෑම වාණිජ හෝ මිලිටරි නෞකාවකට එරෙහිව ද ඉතාමත් දැඩි සන්නද්ධ ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන හමුදා බලධාරීන් මෙහිදී අනතුරු අඟවමින් කියා සිටී.
මේ අතර මැදපෙරදිග කලාපය තුළ සීඝ්‍රයෙන් හටගෙන ඇති මෙම දැඩි යුදකාමී නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් කුවේට් සහ බහරේන් රාජ්‍ය ආරක්ෂක බලධාරීන් සිය රටවැසියන්ට හදිසි දැනුම්දීමක් කර තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ තමන් සතු ප්‍රබල නවීන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කරමින් ඉරානය විසින් සිය ගුවන් සීමාවන් හරහා එල්ල කරන දරුණු රොකට් සහ මිසයිල ප්‍රහාර ගුවනේදීම විනාශ කර සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට මේ වන විට අඛණ්ඩව උත්සහ කරමින් සිටින බැවින් සිවිල් ජනතාව වහාම තමන් සිටින ස්ථානවල ඇති ආරක්ෂිත භූගත බංකර් සහ ආරක්ෂිත මධ්‍යස්ථාන තුළම රැඳී සිටිය යුතු බවයි.