මම ඉපදුන වෙලාවෙ ඩොක්ටර්ස්ල පවා අම්මගෙන් අහලා තාත්තා ෆොරීන් කෙනෙක්ද කියල කවුරුත් ආදරේ කරන නර්මදා ජයමහ (PHOTOS)

actress gossip Narmadha Jayamaha tv presenter
By Sewvandhi Feb 06, 2022 04:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රූපවාහිනී නාලිකාවක විකාශනය වන ටැවල් ගර්ල් වැඩසටහන ඔස්සේ බොහෝම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙසත් කරළියට පැමිණියේ නර්මදා ජයමහ පිළිබඳ තමයි දැන් කතා කරන්නේ. ඉතින් ඇය පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමඟ සම්බන්ධ වෙලා ඇගේ කරුණු සාකච්ඡා කරන්නේ මෙන්න මේ විදිහට.

මෙහිදී ඇය සඳහන් කරන කාරණාවක් තමයි ඇය කුඩා කාලයේ දී පටන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරනවා කියන කාරණාව. ඉතින් රංගන ශිල්පිනියක් විදියට ඇය සංගීතය ටෙලිනාට්‍යයේ දසුනිගේ චරිතය ඔස්සේ තමයි පළමුවරට සහභාගි වෙන්නේ. මීට පෙර වේදිකා නාට්‍ය නිළියක් ලෙස සහ නිවේදිකාවක් විදිහට ඇය කටයුතු කරනවා.

පසුව හුරු බුහුටි කියන රූපවාහිනියේ විකාශනය වුණු ළමා වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඇය විසින්. නිවේදිකාවක් ලෙස ඇය කලාවට පැමිණෙන්නේ ඒ ඔස්සේ. පසුව විකාශනය වුණු ලෝක සිතියම වැඩසටහන ඉදිරිපත් කරන්නටත් ඇයට අවස්ථාවක් ලැබෙනවා.

මම ඉපදුන වෙලාවෙ ඩොක්ටර්ස්ල පවා අම්මගෙන් අහලා තාත්තා ෆොරීන් කෙනෙක්ද කියල කවුරුත් ආදරේ කරන නර්මදා ජයමහ (PHOTOS) | Narmadha Jayamaha Interview

පසුව ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙලා ළමා පුවත් ඉදිරිපත් කරන්නියක් විදිහට වගේම අවුරුද්දක් පාසා අපේ අවුරුදු කියන වැඩසටහනක් ඉදිරිපත් කරන්නට යොමු වෙලා තිබෙනවා.

ඒ අතරම සඳහන් කරන කාරණාවක් තමයි ප්‍රේක්ෂක ආදරේ බොහොම ඉහළින් ලැබෙනවා වගේම ගොඩක් අය ඇගෙන් විමසන පැනයක්ලු කොහොමද මෙච්චර සුදු වෙලා තිබෙන්නේ කියන කාරණාව. ඉතින් ඉන්ජෙක්ශන් ගහලා සිදුවෙලා තියෙනවා කියලාත් සමහරු සඳහන් කරනවා කියනවලු.

ඒත් ඇය කියන විදිහට කිසිම ඉන්ජෙක්ෂන් එකක් පාවිච්චි කරලා පැහැපත් වෙලා නැහැයි කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඇයගේ සැබෑ පැහැය තමයි එලෙස ලැබී තිබෙන්නේ. පුංචිකාලේ ඇය ඉපදෙන වෙලාවේ ඩොක්ටර්ස්ලා පවා ඇයගේ මවගෙන් අහල තියෙනවාලු තාත්තා විදේශ ජාතිකයෙක් ද කියලා. ඇය කියන විදිහට ඇගේ පියාත් බොහොම පැහැපත් කෙනෙක් කියලා තමයි සඳහන් කර තිබෙන්නේ.

මගේ අම්මා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන්නේ. මගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක්. දැන් ඔහු විශ්‍රාම ලබල ඉන්නෙ. මං හිතනවා මට ලැබෙන්න ඕන හැම දෙයක්ම මගේ අම්මයි තාත්තයි මට ලබා දෙනවා. මට ආදරේ අඩුවක් නැහැ. මගේ දෙමව්පියෝ, නෑදෑයෝ, මේ හැම කෙනෙක්ම මට ආදරේ කරනවා.

මම ඉපදුන වෙලාවෙ ඩොක්ටර්ස්ල පවා අම්මගෙන් අහලා තාත්තා ෆොරීන් කෙනෙක්ද කියල කවුරුත් ආදරේ කරන නර්මදා ජයමහ (PHOTOS) | Narmadha Jayamaha Interview

ඒ වගේම මගේ හැමදේටම මගේ පස්සෙන් ඉන්නේ මගේ අම්මයි තාත්තයි. සුබ පතනවා. රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේට වඩා වෙනස් ආකාරයක්.

ආදරේට ආදරෙයි කියලා තමයි ඇය මෙහිදී සඳහන් කරන්නේ. ඉතින් මේ අපූරු රංගන ශිල්පිනියට, නිවේදන ශිල්පිනියට බොහොම ආදරයෙන් සුබ පැතුම් එකතු කරනවා අලුත් නිර්මාණ ඔස්සේ දක්ෂතාවයන් මුළු රටටම පෙන්නන්න කියලා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha