ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ලොව හොඳම තැනට එයි..මෙන්න රටටම සුබ ආරංචියක්..
2024 වසරේ ලෝකයේ හොඳම බැංකු අධිපතිවරුන් අතරට පැමිණීමට ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත් වී තිබෙන බව වාර්තා වනවා.
ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා මෙම වසරේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබුණා.
ඉන්ධන , විදුලිය සහ ආහාර මිල දැනෙන්න අඩු කරනවා..පාසලකට යාහැකි දුර 3kmක් කරනව..15000ක දීමනාවකුත් දෙනවා.මෙන්න අලුත්ම ආරංචිය..
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබීම විශේෂත්වයක්.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ "ඒ (-)" ලබාගෙන තිබුණා.
මෙම ශ්‍රේණි ගත කිරීම් 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර ඒ සඳහා ප්‍රධාන රටවල් 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන්ගේ නම් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලැබීම ද විශේෂත්වයක්.
මේ සදහා උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය යන නිර්ණායක පාදක කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයකුට ලබා දෙන ඉහළම ශ්‍රේණිගත කිරීම "ඒ" වන අතර පහළම ශ්‍රේණිගත කිරීම "එෆ්" ලෙස වර්ග කරනු ලබයි.
එම ශ්‍රේණිගත කිරීම වලද "ඒ" ශ්‍රේණිගත කිරීම "ඒ" ප්ලස්, "ඒ" , "ඒ" මයිනස් ලෙස කොටස් තුනකට වෙන්කරනු ලබයි.
මෙහි පළමු තැන ලබා ගැනීමට ඉන්දීය මහා බැංකු අධිපති ශක්තිකාන්ත දාස් සමත් වී තිබෙන බවයි පැවසෙන්නේ.