අද බැංකු ගිණුම් විශාල ප්‍රමාණයකට කරන්න යන දේ..සියලු තොරතුරු හෙළිකරන්න යයි.
බදු පිලිබඳ සියළු තොරතුරු අද (26) දිනයේ හෙළිදරව් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද එම කටයුතු සිදුකෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් 900 ක් පමණ අත්හිටුවා එම හිඟ බදු මුදල් අයකර ගැනීමට පියවර ගනිමින් ඇති බවයි.
ඒ යටතේ රජය නිසි පරිදි රාජ්‍ය ආදායම කලමනාකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
හිඟ බදු නිසි පරිදි එකතු කර නොගන්නා බවට චෝදනා එල්ල වුවද, මෙම වකවානුවේ තරම් හිඟ බදු අයකර ගැනීමට පියවර ගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ වෙනත් වකවානුවක් නොමැති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.